.webp)

COLOMBO (News 1st) - නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් අද (06) පැවැත්වේ.
ඒ අනුව අද (06) සිට 09 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වනු ඇත.
ඒ අනුව පෙ.ව 9.30 සිට පෙ.ව. 10 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.
පෙ.ව. 10.00 සිට 11දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27 යටතේ ප්රශ්න සඳහා වෙන් කර ඇතැයි සඳහන් වේ.
අනතුරුව ප.ව. 3.30 දක්වා ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ සහ ධීවර විශ්රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්රතිලාභ පනත යටතේ පළකළ අතිවිශේෂ ගැසට් පත්රවල නියෝග විවාදයට ගැනීමට නියමිතය.
