ඉන්දීය ධීවරයින් 9ක් යාපනයේදී නාවික හමුදා භාරයට..

යාපනය කරෙයිනගර් මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා භාරයට..

by Staff writer 06-01-2026 | 5:45 AM

COLOMBO (News 1st) - යාපනය කරෙයිනගර් මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

යාත්‍රා දෙකක්ද සිය භාරයට ගත් බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

ඒ, මෙරට මුහුදු සීමාවේ නීති විරෝධීව ධීවර කටයුතුවල නිරතවීම හේතුවෙන්ය.

අත්අඩංගුවට ගත් ධීවරයින් හා යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදී තිබේ.