.webp)
-607855.jpg)
COLOMBO (News 1st) - සීෂෙල්ස් ආරක්ෂක අංශ ගිනි තබා විනාශ කළ "ඊශානි දුව " ධීවර යාත්‍රාව පිළිබඳ වාර්තාව අද (06) දිනයේ ලැබීමට නියමිතව ඇතැයි ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද ධිවර අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක්ද පැවැති බවය.
අදාළ යාත්‍රාව ධීවරයින් 6 දෙනෙකු සමග වෙන්නප්පුව ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණේ, පසුගිය දෙසැම්බර් 7 වැනිදාය.
පසුගිය 30 වැනිදා අත් අඩංගුවට ගෙන ඇති - ඊශානි දුව - ධීවර යාත්‍රාව පසුව ගිනි තබා විනාශ කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.
සීෂෙල්ස් බලධාරීන් මෑතක සිට අනුගමනය කරන දැඩි ප්රතිපත්තියකට අනුව නීති විරෝධී ලෙස එරට මුහුදු සීමාවට ඇතුළු වන යාත්‍රා ගිනි තබා විනාශ කරන බව විදෙස් වාර්තා පැවසුවේ ය.
අනෙකුත් නීති විරෝධී ධීවරයින්ට අනතුරු ඇඟවීමක් ලෙස ඔවුන් එම ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
මේ අතර අදාළ ධීවරයින්ට අවශ්‍ය සියලුම කොන්සියුලර් සහාය ලබා දීමට පියවර ගනිමින් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.
