හානි වූ වී වගා සඳහා වන්දි ගෙවා අවසන් කෙරේ..

හානි වූ වී වගා සඳහා රුපියල් මිලියන හත්දහස් පන්සියයක වන්දි ගෙවා අවසන් කෙරේ..- කෘෂිකර්ම අමාත්‍යාංශය

by Staff writer 06-01-2026 | 9:33 AM

COLOMBO (News 1st) - ආපදා හේතුවෙන් හානි වූ වී වගාව සඳහා රුපියල් මිලියන හත්දහස් පන්සියයක මුදලක් මේ වන විට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ කුඹුරු හෙක්ටයාර් පනස් දහසකට එම මුදල් ගෙවා ඇති බවය.

තවත් කුඹුරු හෙක්ටයාර් පන්දහසකට අදාළව රුපියල් මිලියන දහසක මුදලක් ගෙවීමට ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.