ඔත්තේ-ඉරට්ටේ ක්‍රමය අද සිට

අද සිට ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමයට පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමට පියවර

by Staff writer 18-03-2026 | 1:57 PM

COLOMBO (News 1st) - අද සිට ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමයට  පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී ඒ රාජකරුණා සඳහන් කළේ පිරවුම්හල් අසල පවතින දිගු පොලිම් අවම කිරිම සඳහා එම පියවර ගන්නා බවයි.

ඒ අනුව වාහන අංක තහඩුවේ අවසන් අංකය ඉරට්ටේ හෝ බින්දුව නම් ඉරට්ටේ දිනවලත් සෙසු වාහන සඳහා ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර මෙතෙක් QR කේතය සකස් කර ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට හෙට දිනයේ ඉන්ධන ලබා ගැනීමට විශේෂ අවස්ථාවක් ලබා දෙන බවද සභාපතිවරයා පැවසුවේ ය.