ත්‍රිරෝද රථ රියැදුරෙකුට දිවිඅහිමි කළ ගිලන්රථ අනතුර

ත්‍රිරෝද රථ රියැදුරෙකුට දිවි අහිමි කළ, ගිලන්රථ අනතුර

by Staff writer 18-03-2026 | 7:32 PM

COLOMBO (News 1st) - කුලියාපිටිය ලඹුයාය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 04 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ගිලන් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් 50 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරා මියගොස් තිබේ.

අද (18) පස්වරු එකට පමණ කුලියාපිටිය රෝහලේ සිට කුරුණෑගල බලා ධාවනය වූ ගිලන්රථයක් එලෙස අනතුරට ලක්ව ඇත.