.webp)

ඒ අනුව හෝමාගමට අද උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා පැය 12 ක් ජලය අත්හිටවනු ඇති.
කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, හෝමාගම,පැලැන්වත්ත හා පන්නිපිටිය යන ප්‍රදේශ වල ජල කප්පාදුව සිදුකරන කාලය, අද සිට තවත් අඩු කරන බව, ඊයේ ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ ය.
පවතින ජල කළමනාකරණ සැලැස්ම, ලබන 10 වැනිදා දක්වා ක්‍රියාත්මක බව, ජල සම්පාදන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර පැවසුවේ.
ඔහු සදහන් කළේ, වැසි තත්ත්වයක් ඇති නොවුනහොත් ලබන 15 වැනිදායින් පසුව නැවත ජල කළමණාකරණ සැලැස්ම ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර, පාමංකඩ, බත්තරමුල්ල, වැල්ලවත්ත හා නාවල අවට ප්‍රදේශ වලට දිනක් හැර දිනක්, රාත්‍රී 10 සිට අලුයම 1 දක්වා පැය තුනක් තවදුරටත් ජල සැපයුම අත්හිටුවන බව, ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.
ඔහු සඳහන් කළේ, ලබුගම හා කලටුවාව ජලාශ වල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ යාම හේතුවෙන් උපරිම කළමනාකරණයකින් ජලය බෙදා හැරීම සදහා එම පියවර ගත් බවයි.
