.webp)

පාවාදීමකින් පසු, පිලාත් ආණ්ඩුකාරයාගේ අසාධාරණ විනිශ්චයට ලක්වූ උන්වහන්සේ, ජෙරුසෙලමේ ගොල්ගොතා කඳු මුදුනේදී කුරුසිය මත දිවි පූජා කළේ ය.
විවිධ වධ හිංසා පමුණුවා, අපවාද කරමින් කුරුසියේ තබා ඇණ ගැසුවද, සියල්ලන් කෙරෙහි දයාවෙන් උන්වහන්සේ එම වේදනා විඳ දරා ගත්තේ ය.
එදින රාත්‍රියේ මහ වැසි ඇද හැළුණු අතර, යේසුස් වහන්සේගේ නිසල සිරුර කුරුසියෙන් නිදහස් කර ගල් ලෙනක් තුළ තැන්පත් කෙරිණ.
විමුක්තිදායකයාණන් මරණයෙන් උත්ඨාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූයේ අද වැනි ඉරු දිනකදී ය.
කිතුණු බැතිමතුන්, අතිශය උතුම් වූ රාත්‍රිය ලෙස ඊයේට යෙදුණු ආලෙලුයියා සෙනසුරාදාව සළකයි.
එහිදී ඉතා දීර්ඝ දිව්‍ය පූජා යාගයකට සහභාගී වන ඔවුන් අද පාස්කු ඉරිදාව සමරන්නේ මහත් බැතියෙන් ය.
ඒ වෙනුවෙන් රට පුරා දේවස්ථානවලදී මැදියම් රැයේ දේව මෙහෙයන් පැවැත්විණ.
