.webp)
-614857.jpg)
ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් වැයකර පෞද්ගලික විදේශ සංචාරයක නිරතවීම පිළිබදව කෙරෙන විමර්ශනයට අදාළවයි.
කොළඹ 03, පස්වන පටුමගේ පිහිටි නිවසට අද(24) පස්වරුවේ පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මෛත්‍රී වික්‍රමසිංහගෙන් මෙම ප්‍රකාශය ලබාගෙන තිබුණා.
නිවසට පැමිණ මෙලෙස ප්‍රකාශය ලබාගෙන තිබුණේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සළකා ඇගේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් අනුවයි.
රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් භාවිත කරමින් පෞද්ගලික විදෙස් සංචාරයක නිරතවීමේ චෝදනාවට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.
මෙම නඩුව 29 වන බදාදා සවස 2ට නැවතත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවීමට නියමිතයි.
