භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාලයේ බලය තහවුරු කරගනී

ඉන්දීය දේශපාලන ඉතිහාසයේ පළමු වරට, භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාලයේ බලය තහවුරු කරගනියි.

by Staff writer 05-05-2026 | 10:27 AM

COLOMBO(News1st) - ඉන්දීය දේශපාලන ඉතිහාසයේ පළමු වරට, භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාල ප්‍රාන්තයේ බලය තහවුරු කරගෙන තිබේ.

ප්‍රාන්තයේ ආසන 294න් ආසන 293ක ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී අවසන්.

ප්‍රාන්තයේ බලය තහවුරු කරගැනීමට අවශ්‍ය වන්නේ ආසන 148ක ජය පමණයි.

කෙසේ නමුත් භාරතීය ජනතා පක්ෂය ආසන 206ක බලය හිමිකරගනිමින් විශිෂ්ඨ ජයක් හිමිකරගෙන ඇති අතර ප්‍රතිවාදී ට්‍රිණාමූල් කොන්ග්‍රසයට හිමිව ඇත්තේ ආසන 81ක් පමණයි.

මීට පෙර පැවති 2021 ප්‍රාන්ත මැතිවරණයේදී, ට්‍රිණාමූල් කොන්ග්‍රසය ආසන 215ක් දිනා ගත් අතර භාරතීය ජනතා පක්ෂයට හිමිවුණේ ආසන 77ක් පමණක් වීමත් විශේෂත්වයක්.

ඉන්දියාවේ වත්මන් විපක්ෂ දේශපාලඥයින් අතරින් ප්‍රභලතම චරිතයක් ලෙස සැලකෙන  ට්‍රිණාමූල් කොන්ග්‍රස් පක්ෂයේ මාම්තා බැනර්ජි ඇයගේ ආසනය පරාජයට පත්වීමත් කාගේත් අවධානයට ලක්ව තිබේ.

ඇය 2011 වසරේ සිට අඛණ්ඩව ප්‍රධාන අමාත්‍යවරිය ලෙස බටහිර බෙංගාලය පාලනය කල නමුත් ඇය ඊයේ(04) ඡන්ද 15,000කින් පමණ ඇගේ භාබානිපූර් ආසනය පරාජයට පත්වුණි.

අදාළ ආසනය ජයගත් භාරතීය ජනතා පක්ෂයේ සුවෙන්දු අධිකාරී බොහෝ දුරට නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත්වනු ඇති.