වාහන ආනයනේදී පැනවූ රේගු බදු මත 50% ක අතිරේක බද්දක්

වාහන ආනයනේදී පැනවූ රේගු බදු මත 50% ක අතිරේක බද්දක්

by Staff writer 16-05-2026 | 10:15 PM

COLOMBO(News1st) - ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන බදු මත 50%ක අතිරේක බද්දක් අද(16) සිට පැනවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයට අනුව අද(16) සිට මාස තුනක කාලසීමාවක් සඳහා මෙම 50%ක අතිරේක බදු ගාස්තුව අය කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් මැයි 15 හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර ඇති වාහන සඳහා මෙම නව 50%ක රේගු බද්ද බලපාන්නේ නැහැ.

ආනයනික මෝටර් රථයක් සඳහා මෙතෙක් අය කළ 30%ක රේගු ආනයන බද්ද මත තවත් 50%ක අතිරේක බද්දක් පැනවෙනු ඇති.

ඒ අනුව සාමාන්‍ය බද්ද හා ප්‍රමුඛතා බද්ද මත 50%ක ආනයන තැන්පතු මුදල් ගෙවිය යුතු වේ.

පුද්ගල ප්‍රවාහන මෝටර් රථෙ, බස් රථ, ජිප් රථ, වෑන් රථ, භාණ්ඩ ප්‍රවාහන වාහ‍ෙ, ගිලන් ර, මෝටර් රථ හා ඉඩම් වාහනවලටද එම අතිරේක බදු අදාළයි.

හයිබ්‍රිඩ් වාහන කාණ්ඩය යටතේ ඇති පූර්ණ විදුලි වාහන හා හයිබ්‍රිඩ් වාහනවලට ද එම අතිරේක බද්ද බලාත්මක වේ.

මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පැවසුවේ, මාස 3ක කාලයකට පමණක් අදාළ අතිරේක බදු ක්‍රියාත්මක කිරීමට හේතු දෙකක් බලපෑ බවයි.