ඇලක ගිලීමෙන් තරුණයින් දෙදෙනෙකු මරුට

ඇලක ගිලීමෙන් තරුණයින් දෙදෙනෙකු මරුට

by Staff writer 16-05-2026 | 12:51 PM

COLOMBO(News1st) - කොස්ගම, තාවල්ගොඩ ප්‍රදේශයේදී ඇලක දියේ ගිලීමෙන් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, කොස්ගම පරණගම පදිංචි 19 සහ 18 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු එලෙස මියගොස් ඇති බවයි.

ඔවුන් දෙදෙනා දිය නෑමට ගොස් සිටියදී ඊයේ(15) පස්වරුවේ එලෙස අනතුරට ලක්ව තිබේ.