IMF විධායක මණ්ඩලය, ලබන 27 වැනිදා රැස්වෙයි

ඉදිරි ණය වාරිකය සමාලෝචනය සදහා IMF විධායක මණ්ඩලය, ලබන 27 වැනිදා රැස්වෙයි.

by Staff writer 17-05-2026 | 8:33 AM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 27 වැනිදා රැස්වීමට නියමිතව තිබේ.

ඒ, මෙරටට ලබාදීමට නියමිත ඉදිරි ණය වාරිකයේ 5 වැනි සහ 6 වැනි සමාලෝචනය සඳහායි.

එහිදී විධායක මණ්ඩලය, සමාලෝචන දෙකම අනුමත කළහොත් 6 වැනි සහ 7 වැනි ණය වාරික ලබාගැනීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් පසුගියදා පැවසුවේ, විධායක මණ්ඩල අනුමැතිය ලබාගැනීමට පෙර, ශ්‍රී ලංකාව පූර්ව ක්‍රියාමාර්ග කිහිපයක් සම්පූර්ණ කළ යුතු බවයි.