අගමැතිනියගෙන් Oxford විශ්වවිද්‍යාලයේදී දේශනයක්...

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගෙන්, Oxford විශ්වවිද්‍යාලයේදී විශේෂ දේශනයක්...

by Staff writer 20-05-2026 | 10:05 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය Oxford විශ්වවිද්‍යාලයේදී විශේෂ දේශනයක් පවත්වා ඇත.

අග්‍රාමාත්‍යවරියගේ ලන්ඩන් සංචාරයට සමගාමීව Oxford විශ්වවිද්‍යාලයේ "2026 OSGA වාර්ෂික දේශනය" සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්විය.

Oxford විශ්වවිද්‍යාලයේ සිසුන්, විද්වතුන් සහ පර්යේෂකයන්ගෙන් සමන්විත විද්වත්  මණ්ඩලය ඇමතූ අග්‍රාමාත්‍යවරිය  ශ්‍රී ලංකාවේ සංවර්ධනය, පාලනය සහ දේශපාලනය අතර පවතින අන්තර් සබඳතාව පිළිබඳව එහිදී අදහස් පළකර තිබේ.

අර්ථවත් සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට උත්සාහ කරන රටවල් මුහුණ දෙන පුළුල් යථාර්ථයන් පිළිබඳව ද අගමැතිවරිය එහිදී විග්‍රහ කළා ය.

ඇය එහිදී ප්‍රකාශ කර ඇත්තේ, සංවර්ධනය යනු හුදෙක් ප්‍රතිපත්ති, සංඛ්‍යාලේඛන සහ ආර්ථික මාදිලිවලින් පමණක් මැනිය නොහැකි බවත්, එය මිනිසුන්ගේ එදිනෙදා ජීවන අත්දැකීම් තුළින් වටහා ගත යුතු බවයි.