පිල්ලෙයාන් හමුවීම රහසක් නෙවෙයි...

පිල්ලෙයාන් හමුවීම රහසක් නෙවෙයි, නාමල් රාජපක්ෂගෙන් එක්ස් සටහනක්...

by Staff writer 20-05-2026 | 10:10 PM

COLOMBO (News 1st) - බන්ධනාගාරගත සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ව හමුවීමට තමා එහි ගිය බව රහසක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ, සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමිනි.

එහි දැක්වෙන්නේ 2015 ජනාධිපතිවරණයට මෙන්ම 2018 පළාත් පාලන මැතිවරණයටත් පිල්ලෙයාන් සිය දේශපාලන සන්ධානයේ කටයුතු කළ බවයි.