කටුනායක ගුවන්තොටුපළෙන් ගුවන් මගීන්ට නිවේදනයක්!

කටුනායක ගුවන්තොටුපළෙන් ගුවන් මගීන්ට නිවේදනයක්!

by Staff writer 22-05-2026 | 10:36 PM

COLOMBO(News1st) - කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පැය 04කට පමණ පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසයි.

ඒ ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය මේ වනවිට ගංවතුර ආපදා තත්වයකට ලක්ව තිබීම හේතුවෙන්.

මෙම තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපොළ වෙත පිවිසෙන මාර්ග බොහොමයක් ජලයෙන් යටවෙමින් පවතී.

ඒ හේතුවෙන් ගුවන්තොටුපළට පිවිසීම සඳහා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හැකිතාක් භාවිතා කරන ලෙසත් නිවේදනයක් නිකුත් කරමින් ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේය.

මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ නයිකන්ද හා කෝවින්න ප්‍රදේශයේද ගංවතුර තත්ත්වයක් පවතී.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා නොකර ප්‍රධන අධිවේගී මාර්ගය භාවිතා කරන ලෙස ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.