.webp)

පොලීසිය පැවසුවේ නිවසකින් දුර්ගන්ධයක් හමන බවට ලද තොරතුරක් මත විමර්ශණ ආරම්භ කළ බවයි.
මියගොස් ඇත්තේ 79 හැවිරිදි එම ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
අදාළ නිවසේ ඇය තනිව පදිංචිව සිට තිබුණි.
නිවසේ සවිකර තිබූ CCTV කැමරා ගලවා ඉවත් කර, දුරකථන රැහැන්ද කපා ඇති බවට විමර්ශණවලදී අනාවරණය වී තිබේ.
සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදුකළ අතර
සිද්ධියට සැකපිට අසල්වැසියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අවට නිවෙස්වල CCTV ඔස්සේ සිදුකළ විමර්ශනවලින් සැකකරු හඳුනාගෙන ඇති බවයි.
සැකකරු අද(22) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
