.webp)

එම අරමුදල පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති මාලාව අතීතයට වඩා ශක්තිමත් බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පර්පජෝර්ජු පවසන්නේ සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීමට සහ සංචිත වැඩි කිරීමට ලංකා රජය මෑතකදී ගත් පියවර, මෙරට ජනතාව, ආයෝජකයින් මෙන්ම අනෙකුත් පාර්ශවකරුවන් විසින් පිළිගෙන ඇති බවයි.
මෙතෙක් සිදු කළ ප්‍රතිසංස්කරණ අගය කරන ඔහු ඉල්ලා සිටින්නේ ප්‍රතිපත්තිවල ස්ථාවරභාවය රැකගන්නා ලෙසයි.
මෙතෙක් ලබා ගත් ජයග්‍රහණ දිගටම පවත්වාගෙන යාමට නම්, එකම ප්‍රතිපත්තියක ස්ථාවරව ගමන් කිරීමත්, වෙනස් වන තත්ත්වයන්ට අනුව හැඩගැසීමට ආර්ථිකයට ඉඩ දීමත් ඉතා වැදගත් බව එවන් පර්පජෝර්ජු අවධාරණය කරයි.
ඔහු පවසන්නේ, ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට යන විට, මෙරට බලධාරීන් සමඟ දිගටම ඉතා සමීපව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 27 වැනිදා රැස් වී සමාලෝචන දෙකම අනුමත කළහොත් 6 වැනි සහ 7 වැනි ණය වාරික ලබාගැනීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි.
එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 700 කි.
ලෝක මට්ටමේ විවිධ බලපෑම් නිසා තවදුරටත් ආර්ථිකයට එල්ලවිය හැකි පීඩනයට මුහුන දීමට ලංකාව දැන් ශක්තිමත් ප්‍රතිපත්ති සහිතව වඩා හොඳ සූදානමකින් පසුවන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පර්පජෝර්ජු පවසන්නේ එවැනි පසුබිමකයි.
