.webp)

ඒ අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු සියපත් සසිදු වික්රමරත්න විසින් ය.
අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අධීකරණය සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට රුපියල් ලක්ෂ පනහක් වටිනා ශරීර ඇප දෙකක් ද නියම කළේ ය.
ඊට අමතරව මුදලින් රුපියල් ලක්ෂයක ඇපයක්ද ප්රධාන මහේස්ත්රාත්වරයා විසින් නියම කළේ ය.
සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට විදේශගත වීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද නිකුත් කළේ ය.
ප්රධාන මහේස්ත්රාත්වරයා විසින් සැකකාර හිමියන්ට තරයේ අවවාද කර තිබෙන්නේ, සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසයි.
ප්රධාන මහේස්ත්රාත්වරයා සැකකාර හිමියන්ට දැනුම් දුන්නේ - යම් හෙයකින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට අධිකරණයට වාර්තා වුවහොත් ඇප අවලංගු කොට යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය පියවර ගන්නා බවටයි.
මේ අතර, දැරියගේ මවට රුපියල් ලක්ෂ 5 ක් වටිනා ශරීර ඇප දෙකක් නියම කළ ප්රධාන මහේස්ත්රාත්වරයා ඇයටද විදේශගත වීමද තහනම් කළේ ය.
