නීතිඥ අලි සබ්‍රි, ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි...

ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි...

by Staff writer 10-06-2026 | 9:47 PM

COLOMBO (News 1st) - ජනාධිපති ධුරයට පත්වීමට පෙර පැවති නඩු කටයුතු කිහිපයකම ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා හමුව තිබේ.

එම හමුව පිළිබඳව දෙපාර්ශ්වයෙන්ම එක්ස් පණිවිඩ දෙකක් නිකුත් කර ඇත.

එහි සඳහන්ව තිබුණේ දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රධාන අංශ පිළිබඳව අවදානය යොමු වූ බවයි.

විශේෂයෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වර්ධනය වෙමින් පවතින විශ්වාසය සහ සුහදතාව පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළ බවද එම එක්ස් පණිවිඩවල සඳහන්ව තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ පාලන කාලය තුළ සබ්‍රි අධිකරණ, මුදල්, ව්‍යවස්ථා කටයුතු ඇතුළු අමත්‍ය තනතුරු කිහිපයක් දැරූ අයෙකි.