හිටපු ඇමති විමල්ගේ සොයුරාට විදෙස් ගමන් තහනමක්...

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සොයුරු සරත් වීරවංශට විදෙස් ගමන් තහනමක්...

by Staff writer 10-06-2026 | 3:52 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සොහොයුරු සරත් වීරවංශට අද (10) විදෙස් ගමන් තහනමක් පැනවීය.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසිනි.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබාදුන් වාහන 40 ක් අවභාවිත කරමින්, රජයට රුපියල් මිලියන 09 ක් පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.