.webp)

ඒ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.
ඊට විශේෂඥ අධිකරණ වෛද්‍යවරු හා විශේෂඥ මානසික වෛද්‍යවරු ඇතුළු පස් දෙනෙක් ඇතුළත්.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ, ඉදිරි නඩු දිනට පෙර සැකකාර සුරේෂ් සලේ එම පරීක්ෂාවට ලක් කළ යුතු බවයි.වෛද්‍ය පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිදු කළ යුතු බවද, මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
සැකකරු සම්බන්ධයෙන් මීට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙන වෛද්‍ය වාර්තාව පූර්ණ වෛද්‍ය වාර්තාවක් නොවන බැවින්, එම වෛද්‍ය වාර්තා අනුව සැකකරු රැඳවුම් භාරයේ සිටියදී වධ හිංසාවට ලක්ව ඇති බවට නිගමනය කළ නොහැකි බවද, මහේස්ත්‍රාත්වරයා පැසුවේය.
සුරේෂ් සලේ මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මේ අතර, කොටුව දුම්රියපොළ ඉදිරිපිට විපක්ෂයේ පක්ෂ කිහිපයක නියෝජිතයින් ආරම්භ කළ සත්‍යග්‍රහය අද දහවල් අවසන් කළේ ය.
ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී වධ හිංසාවට ලක්ව ඇතිද යන්න පරීක්ෂා කිරීමට වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමත් සමගයි.
