කොළඹ අවට ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

කොළඹ අවට ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

by Staff writer 03-07-2026 | 11:36 AM

COLOMBO(News1st) - කොළඹ 01 සිට 15 දක්වා වු  ප්‍රදේශ රැසකට හෙට(04) පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා පැය 12ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අදාළ කාලය තුළ බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මැදිවෙළ, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ,වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙළ, මහරගම, බොරලැස්ගමුව, පිළියන්දල යන ප්‍රදේශවලටද  ජල සැපයුම අත්හිටුවනු ඇති

ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ, විදුලිබල සැපයුම් පද්ධතියේ මුල්ලේරියාව උපපොළ ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලිබලය තාවකාලිකව අත්හිටුවීමට නියමිත බවයි.