කොළඹ, ඇතුළු දිස්ත්‍රික්ක 06ක ඩෙංගු වාර්තා වීම ඉහළට

කොළඹ, ඇතුළු දිස්ත්‍රික්ක 06ක ඩෙංගු රෝගීන් වාර්තා විම තවදුරටත් ඉහළට

by Staff writer 03-07-2026 | 11:30 AM

colombo(News1st) - කොළඹ, ගම්පහ, බදු,ල්ල කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තා වීම තවදුරටත් ඉහළ යමින් පවතියි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ,  රෝගීන් වාර්තා වීම ඉහළ අගයක පැවති ගාල්ල ,මාතර සහ රත්නපුර වැනි දිස්ත්‍රික්ක කිහිපයක එම වාර්තා වීම පහළ යමින් ඇති බවයි

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 56,422ක් වාර්තා වී තිබේ.

මේ දක්වා මිය ගිය ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35ක්

මේ අතර රාජ්‍ය පරිපාලන පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක දීප ව්‍යාපත්ත මදුරු මර්දන වැඩසටහන අදත් ක්‍රියාත්මකයි

ජාතික ඩෙංගු මර්දන ඒකකය දැනුම් දෙන්නේ, අවට පරිසරය මදුරු කීටයින් බෝනොවන ලෙස පවත්වා ගැනීමෙන් ඩෙංගු අවධානමෙන් මිදිය හැකි බවයි.