.webp)

අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ, එම කරුණ අභියෝගයට ලක් කරමින් යෝෂිත රාජපක්ෂ ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ උපයා ගත් ආකාරය සනාථ කිරීමට නොහැකි රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්ල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වරදි සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා යෝෂිත රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.
