හලාවත මෝය කටේදී බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු මරුට.

හලාවත මෝය කටේදී බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු මරුට.

by Chathurika Jayasundara 03-07-2026 | 11:42 AM

COLOMBO(News1st) - හලාවත මෝය අසන්නයේ බෝට්ටුවක් පෙරළීමේන් ධීවරයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ හලාවත රිදීවැල්ල  ප්‍රදේශයේ  පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්.

පොලීසිය සඳහන් කළේ, ඔහු තවත් ධීවරයෙකු සමග අද(02) අළුයම මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගිය අවස්ථාවේදී අනතුර  සිදුව ඇති බවයි

අනෙක් ධීවරයා පිහිනා ගොඩඩ පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

මියගිය ධීවරයාගේ සිරුර හලාවත මූලික රෝහලේ තැන්පත් කර තිබේ.