.webp)

එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ අත්සනින්.
නව සංශෝධන අනුව දියර ආහාරවල අන්තර්ගත සිනි ප්‍රමාණයන් රතු ඇම්බර් සහ කොළ යන වර්ණ සංකේත යටතේ වර්ගීකරණයට ලක්කීරිමේදී අන්තර්ගත වන සීනි ග්‍රෑම් ප්‍රමාණය තවදුරටත් අඩුකර තිබේ.
ඒ අනුව රතු වර්ණයෙන් නිරූපිත මිලිලීටර් 100ක අඩංගු සීනි ග්‍රෑම් ප්‍රමාණය 11 සිට 8 දක්වා අඩු කර තිබේ.
ඇම්බර් වර්ණයෙන් දක්වන සීනි ප්‍රතිශතයද මිලිලීටර් 100ට ග්‍රෑම් 2.5 සිට 8 දක්වා වන පරාසයන් දක්වා අඩු කර ඇතැයි සඳහන් වේ.
නව සංශෝධන අනුව කොළ වර්ණයෙන් දැක්වෙන සීනි ග්‍රෑම් ප්‍රමාණය 2.5ට අඩු විය යුතුයි.
ඊට අමතරව අදාළ සංඛේත ලාංජන ඇසුරම් මත ප්‍රදර්ශනය කිරිම සම්බන්ධයෙන් වන විකල්ප ක්‍රම නව සංශෝධනවලට ඇතුළත් කර තිබේ.
