වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

by Staff writer 03-07-2026 | 11:50 AM

COLOMBO(News1st) - හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව විසින් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ යෝෂිත රාජපක්ෂ, නියමිත සුදුසුකම් වෙනස් කරමින් නාවික හමුදාවේ විධායක නිළධාරියෙකු ලෙස බැඳී රජයේ මුදල් අවභාවිත කරමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුවට යැවීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළවයි.

ඒ පිළිබඳව ප්‍රකාශයක් දීමට පසුගිය 16 වැනිදා හා 22 වැනිදා  අල්ලස් කොමිසමට කැඳවා තිබුණද ඔහු පැමිණියේ නැත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 50 බැගින්වු ශරීර ඇප තුනක් මත මුදා හරුණි.