කාලගුණයෙන් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්.

කාලගුණයෙන් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්.

by Staff writer 20-07-2026 | 4:18 PM

Colombo(News1st) - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ, දිවයින වටා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම්වලත්, උතුරු, උතුරු - මැද සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40 හෝ 50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.

ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.