කොළඹ කොටුවේදී දුම්රිය පීලිපනී

කොළඹ කොටුවේදී දුම්රිය පීලිපනී

by Staff writer 20-07-2026 | 7:48 PM

COLOMBO(News1st) - කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී 8 වැනි වේදිකාවේදී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, රඹුක්කන බලා ධාවනයට නියමිත දුම්රියේ එක් මැදිරියක් පීලි පැනීමකට ලක්ව ඇති බවයි.

සෙසු දුම්රිය ධාවනයට ඉන් කිසිදු බාධාවක් නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.