එපාමුල්ල මුහුදේ දියනාමින් සිටි 4ක් අතුරුදන්...

පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි 4 දෙනෙකු දියේ ගිලී අතුරුදන්...

by Staff writer 31-08-2026 | 9:24 AM

COLOMBO (News 1st) - පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි දරුවන් තුන් දෙනෙකු ඇතුලු හතර දෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

එලෙස අතුරදන්ව ඇත්තේ 35 හැවිරිදි කාන්තාවක් 04 හැවිරිදි පිරිමි දරුවෙකු හා 12 හා 13  හැවිරිදි ගැහැණු දරුවන් දෙදෙනෙකි.

අතුරුදන් වූවන් ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.