.webp)
ඒ ඔහු අද (31) අල්ලස් කොමිසම හමුවට පැමිණ ප්රශ්න කර ප්රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුවයි.
සිදුකළ කැඳවීමකට අනුව ඔහු අද උදෑසන 8.15 ට අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබිණි.
මීට පෙර අවස්ථා හතරකදී අල්ලස් කොමිසම හමුවට පැමිණෙන්නැයි දැනුම් දුන්න ද, ඔහු එහි පැමිණියේ නැහැ.
ජාතික ලොතරැයි මණ්ඩලයට, අනුමත ක්රමවේදයෙන් පරිබාහිරව නිලධාරීන් පස් දෙනෙකු කොන්ත්රාත් පදනම මත බඳවාගෙන සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනියුක්ත කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව, රවී කරුණානායකට එම කැඳවීම සිදුකර තිබිණි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් පෙරේදා (29), බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි රවී කරුණානායකගේ නිවසට ගොස් සොයා බැලීමක් ද සිදුකර තිබිණි.
එහෙත්, එම අවස්ථාවේ ඔහු නිවසේ සිටියේ නැහැ.
මෙම සිදුවීමට අදාළව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනියක වන ශර්මිලා පෙරේරා අත්අඩංගුවට ගෙන, පසුගිය ජුනි මස 30 වැනිදා ඇප මත මුදා හැරිණි.
