.webp)

COLOMBO(News1st) - කටුනායක තොටුපොළේ අතහැර දමා ගොස් තිබූ ගමන් මලු දෙකක තිබී රුපියල් කෝටි 32ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් අද(15) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසිනි.
පොලීසිය සඳහන් කළේ, සුළං නොවදින ලෙස සකස් කළ පැකට් 60ක් තුළ එම කුෂ් මත්ද්‍රව්‍ය ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ බවයි.
ඒවායේ බර කිලෝග්‍රෑම් 32.91කි.
තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් එම මත්ද්‍රව්‍ය රැගෙනවිත් ඇති බව අනාවරණය වී තිබේ.
පොලීසිය සැක පළ කරන්නේ ගුවන් තොටුපොළ තුළදී අත්අඩංගුවට පත්වීමේ බිය නිසා සැකකරු විසින් එම ගමන් මලු අතහැර දමා පලා යන්නට ඇති බවයි.
ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දත්ත උපකාර කරගනිමින්, සැකකරු හඳුනා ගැනීමට මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
