ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ට වැඩි තද වැසි..

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි..

by Staff writer 15-09-2026 | 10:50 AM

COLOMBO(News1st) - බස්නාහිර ඇතුළු ප්‍රදේශ රැසකට අද(15) මිලි මීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජයමාන්න පැවසුවේ, ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් එම තත්ත්වය හටගෙන ඇති බවයි.

නියඟය පවතින ප්‍රදේශ කිහිපයකටද අද දිනයේදී වැසි ඇතිවිය හැකි බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ ය.