සහෝදරයා කළ පහරදීමකින් අඟුරුවාතොට පුද්ගලයෙකු මරුට

සහෝදරයා කළ පහරදීමකින් අඟුරුවාතොට පුද්ගලයෙකු මරුට

by Staff writer 19-09-2026 | 12:32 PM

COLOMBO(News1st) - අඟුරුවාතොට, පෙතිගමුවකන්ද ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, 37 හැවිරිදි හල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එලෙස ඝාතනය කර ඇති බවයි.

ඝාතනය සිදුව ඇත්තේ, බහින් බස්වීමක් දුරදිග යාමෙන්.

පොලීසිය පැවසුවේ, ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මියගිය පුද්ගලයාගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.