.webp)

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද පෙරවරු 11.30 සිට පස්වරු 7.00 දක්වා විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීම සඳහා කාලය වෙන් කර ඇති බවයි.
හෙට දිනයේදීද පෙරවරු 11.30 සිට පස්වරු 7.00 දක්වා එම සංශෝධන පනත් කෙටුම්පත් දෙක දෙවන වර කියවීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ සඳහා වන ඡන්ද විමසීම පැවැත්වෙන්නේ හෙට පස්වරුවේයි.
