.webp)
-624769.jpg)
මෙවර එහි තේමාව වන්නේ ආහාර නොමැතිවීම සහ නාස්තිය අවම කිරීමේ පරිවර්තනීය හැකියාව යන්නයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවට අනුව 2025 වසරේදී මිලියන 645ක් එනම් ලෝක ජනගහනයෙන් 7.8%ක් ආහාර නොමැති වීමෙන් පීඩා විඳියි.
ශ්‍රී ලංකාවේ ආහාර වලින් 30%ක ප්‍රමාණයක් භාවිතයට නොගෙන විනාශ වන බව ජාතික පසු අස්වනු කළමණාකරණ ආයතනයේ ආචාර්ය ඩබ්ලිව්. සී. බී. වාසල පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ නාගරික ප්‍රදේශවල දිනකට භාවිතයට ගත හැකි ආහාර භාවිතා නොකර දිනකට මෙට්ට්‍රික් ටොන් හාර දහසක් පමන විනාශ වන බවයි.
මෙරට ආහාර නාස්තිය අවම කිරිම සදහා ලෝක අහාර කෘෂිකර්ම සංවිධානය සමග පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි ද අනුරාධපුර පසු අස්වනු කළමණාකරණ ආයතයේ ආචාර්ය ඩබ්ලිව්,සී,බි වාසල පවසයි.
