.webp)

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ නඩුව අද(29) කැඳවු අතර, ඇප ලබා දීම සඳහා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවීම හේතුවෙන් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නේ, එයාර් බස් ගනුදෙනුවේ අල්ලස් සිද්ධිය සහ මුදල් විශුද්ධිකරණයට අදාළ විමර්ශන අවසන් බවයි.
ඊට අදාළව උදෘත නීතීපති වෙත යොමු කර ඇති බවත්, ඒ අනුව විමර්ශන දෙකටම අදාළව ඒකාබද්ධ අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්හ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
මේ අතර, ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව නාමල් රාජපක්ෂ කළ ඇප ඉල්ලීම ද අධිකරණය අද ප්‍රතික්ෂේප කළ අතර, අධිකරණය නියෝග කළේ සැකකාර නාමල් රාජපක්ෂ 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
නඩුව පවරා ඇත්තේ, ක්‍රිෂ් ගනුදෙනුවෙන් රුපියල් මිලියන 70 ක අල්ලසක් ලබාගත් බව කියන චෝදනාවට අදාළවයි.
