.webp)
 (2)-625296.jpg)
ඒ අනාගතය ජයගන්න වෙර දරන පාසල් දරුවන් පිරිසකට සෙත සලසන ව්‍යාපෘතියක් ලෙසයි.
කිවුලකැලේ ලෝකානන්ද මහා විද්‍යාලය යනු අඩුපාඩු රැසක් මැද දරුවන් අකුරු කරන පාසලකි.
මේ දරුවන්ට වගේම පාසලේ ගුරුවරුන්ටත් තිබෙන ලොකුම ගැටලුව නම් අධ්‍යයන කටයුතු සඳහා පවතින පන්ති කාමර ප්‍රමාණවත් නොවීමයි.
ප්‍රශ්නයට විසඳුමක් නොමැති හේතුවෙන් ගස් සෙවණේ පවා මේ ළමයි අකුරු කරයි.
තාවකාලිකව ඉදිකළ පොල් අතු සෙවිළි කර ගොඩනැගිල්ලක පැවති පන්ති කිහිපයකින් එකකුත් පහුගිය දවසක ගින්නෙන් විනාශ විය.
ලෝකානන්ද මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, ගම්මැදෙන් කළ ඉල්ලීමක් අනුවයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
