.webp)
 (3)-625302.jpg)
නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කළේ, එමගින් රාජ්‍ය සේවය ජාලගත කිරීමටත්, වීඩියෝ සම්මන්ත්‍රණ ආදි කටයුතු සඳහා පහසුවෙන් ඔවුන් සම්බන්ධ කර ගැනීමට මෙන්ම එක් එක් රාජ්‍ය ආයතන අතර දත්ත හුවමාරු කිරීමේ වැඩපිළිවෙල කාර්යක්ෂම කිරීමටත් හැකි වන බවයි.
මේ වනවිට බොහෝ රාජ්‍ය සේවකයින් භාවිත කරන්නේ පෞද්ගලිකව සකසා ගත් Email ලිපියනයන්.
රජය මගින් ඔවුන්ට හඳුන්වා දෙන නිල Email ලිපියන් හරහා ලියකියවිලි ආදී අත්‍යවශ්‍ය දත්ත යොමු කිරීම වඩාත් පහසු වන බවද ඔහු ප්‍රකාශ කළේ ය.
නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කළේ රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙල වඩාත් ඵලදායී ලෙස වේගවත් කිරීමට එය පිටිවහලක් වනු ඇති බවයි.
වැඩපිළිවෙල යටතේ Email මගින් ගනුදෙනු සිදුකරන සියලු රාජ්‍ය නිලධාරීන්ට එම පහසුකම ලබා දෙනු ඇති.
