ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට...

by Staff writer 07-10-2026 | 10:00 AM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපන පිහිටි මහින්ද රාජපක්ෂ රැඳී සිටින නිවසේදී යි.

රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ 100ක් ලබා ගෙන සාවාද්‍ය පරිපහරණයෙන් දූෂණය හා පොදු දේපළ පනත යටතේ වැරදි සිදු කළ බවට වන චෝදනා යටතේ ඇය අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කළේ ය.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ ඇතුළු තුන් දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේ ය.