.webp)

එම පනත් කෙටුම්පත පසුගියදා ගැසට් කෙරිණි.
ඒ අනුව 2027 වසර සඳහා වන රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,992.77 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් අයවැය කථාව ලබන මස 12 වැනිදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 13 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වේ.
20 වැනිදා පස්වරු 6.00 ට අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම සිදුකෙරෙනු ඇති.
නොවැම්බර් 21 වැනිදා සිට දෙසම්බර් 14 වැනිදා දක්වා අයවැය තුන් වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය කර තිබේ.
තුන් වැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00 ටයි.
