දූෂණ විරෝධී පනත් කෙටුම්පත,විවාදය අද...

දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද...

by Staff writer 08-10-2026 | 11:01 AM

COLOMBO (News 1st) - දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වීමට නියමිත වේ.

ඊට අදාළ ඡන්ද විමසීම, පස්වරු 5ට පැවැත්වීමට නියමිතයි.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති, ව්‍යවස්ථාවට අනනුකූල බව, ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නිගමනය කළේ ය.

ඒ අනුව පනත් කෙටුම්පතේ 6 (7) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එය සම්මත කර ගැනීම සඳහා විශේෂ බහුතරයක් අවශ්‍යයි.

විදුලි සංදේශ නියාමන කොමිසමේ බලපත්‍රලාභී සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් බැරකම් ඉදිරිපත් කිරීම, එම වගන්තියේ දැක්වේ.

එය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බව, ශ්‍රේෂඨාධිකරණයේ නිගමනයයි.

මේ අතර වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන පුද්ගලයෙකු සමග මාස 06කට වැඩි කාලයක් නිවසේ රැඳී සිටින පුද්ගලයෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම ඉවත් කරන්නේ නම්, ඒ සඳහා තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවෙද, ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙන් ඉදිරිපත් කර ඇති වැරදි සඳහා මහේස්ත්‍රාත්වරයෙකුට ඇප දිය නොහැකි බවත්, මහාධිකරණයෙන් ඇප ලබා දීමේදී දැඩි සීමා පැනවීමටත්, අදාළ වගන්තිය සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයයි.