.webp)
 (12)-625387.jpg)
මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ, මහජන අදහස්,දේශපාලන පක්ෂ සහ අනෙකුත් සංවිධානවල අදහස් පදනම් කර ගනිමින් එම වාර්තාව සකසන බවයි.
මැතිවරණවල පවතින නීතිරාමු සහ ඊට අනුබද්ධ කරුණු පිළිබඳව විමර්ශනය කිරීමට විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර තිබේ.
එම කාරක සභාව මගින් පසුගිය දිනවල මැතිවරණවල පවතින නීතිරාමු පිළිබඳ මහජන අදහස් ලබා ගත් අතර ඒවා මගින් සකස් කළ වාර්තාව ඊයේ (07) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරිණි.
ඉදිරිපත් වූ මහජන අදහස් විමර්ශනය කර වාර්තාවක් සකසනු ලැබුවේ විශේෂඥ කමිටුවක් මගින් බවද මහාචාර්ය චන්දන අබේරත්න පැවසුවේය.
