හබරාදූවේදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනයේ කෙරේ...

හබරාදූව, ගිනිගල ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනයේ කෙරේ...

by Staff writer 08-10-2026 | 11:34 AM

COLOMBO (News 1st) - හබරාදූව ගිනිගල ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවන් දෙදෙනෙකු පහරදී ඝාතනය කර ඇතැයි, පොලීසිය පවසයි.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 80 සහ 90 යන වයස්වල පසුවන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකි.

පොලීසිය සඳහන් කළේ, ගලකින් පහරදී අද උදෑසන ඔවුන් ඝාතනය කරන්නට ඇතැයි සැක කරන බවයි.

නිවසේ මිදුලේ තිබී ඔවුන්ගේ මළ සිරුරු සොයාගැණුනා.

ඝාතනයට ලක්ව ඇත්තේ විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙකි.