හූති සංවිධානය ගැන ඉරානය කියන කතාව

හූති සංවිධානය මෙහෙයවන බවට එල්ල වන චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කරයි.

by Staff writer 12-10-2026 | 4:52 PM

COLOMBO(News1st) - හූති සංවිධානය මෙහෙයවන බවට එල්ල වන චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ හූති සංවිධානයේ ක්‍රියාකාරකම් පිටුපස සිටිමින් එය මෙහෙයවන්නේ ඉරානය බවට සෞදි අරාබිය ප්‍රකාශ කර ඇති පසුබිමකයි

කෙසේ වෙතත්, හූති සංවිධානය මෙන්ම ඉරානය ද එම චෝදනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබේ.

හූති සංවිධානය පවසන්නේ තමන්ට ස්වාධීනව තීරණ ගැනීමේ හැකියාව පවතින බවයි.

ගැටුම් අඛණ්ඩව උත්සන්න වීමෙන් තමන්ට කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවද ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කළේ ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සටන් තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවට සෞදි අරාබිය සහ හූති සංවිධානය සාකච්ඡා මාර්ගයෙන් එකඟතාවකට පැමිණ සාමය ස්ථාපිත කර ගැනීම වඩාත් සුදුසු බවයි