.webp)
 (1)-625648.jpg)
ඊට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුලු නියෝජිතයින් පිරිසක් සහභාගී වනු ඇති.
එහිදී ශ්‍රී ලංකාව මේ වන විට අත්පත් කරගත් ප්‍රගතිය, ස්ථාවරත්වය, ඉදිරි ආර්ථික පරිවර්තනය සඳහා සැලසුම් ඇතුලු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව, මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පැවසුවේය.
1991 වර්ෂයෙන් පසු තායිලන්තය මේ සඳහා සත්කාරකත්වය සපයනු ලබන්නේ, දෙවන වරට වීම විශේෂත්වයකි.
ලෝක ආර්ථිකය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා, රටවල් 191ක නියෝජිතයින් 15,000කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි.
රැස්වීම ලබන 18 වැනිදා දක්වා පැවැත්වේ.
