දැඩි වර්ෂාවෙන් ඉස්තාන්බුල් නගරය අඩපණ වෙයි ...

දැඩි වර්ෂාවෙන් ඉස්තාන්බුල් නගරය අඩපණ වෙයි මෝටර් සයිකල් ධාවනයටත් තහනම්...

by Staff writer 15-10-2026 | 8:47 AM

COLOMBO (News 1st) - තුර්කියේ ඉස්තාන්බුල් නගරයට ඊයේ (14) ඇද හැලුණු තද වැසි තීව්‍ර වීමත් සමග එසෙන්ලර් (Esenler), සින්සිර්ලිකුයු (Zincirlikuyu) සහ තොප්කපි (Topkapı) යන මෙට්‍රෝ දුම්රිය ස්ථානවල මෙන්ම ඇතැම් භූගත මාර්ගවලද ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙන බවට එරට මාධ්‍ය වර්තා උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

සාරියර් (Sarıyer) සහ කගිතානේ (Kağıthane) ප්‍රදේශවල වීදි සහ මාර්ග පිටාර ගලන වැසි ජලයෙන් යටවී ඇති අතර අර්නවුට්කොයි (Arnavutköy) හි අලිබේ (Alibey) ගංගාව පිටාර ගලා ඇති අතර ඇතැම් වාහන ජලයෙන් යට වී මාර්ග තදබදය 89% දක්වා ඉහළ ගොස් අති බවට වාර්තා වේ.

ෆාතිහ් (Fatih) දිස්ත්‍රික්කයේ බාලට් (Balat) ප්‍රදේශයේ ජලය පිරුණු වළකට පය තැබු 14 හැවිරිදි පිරිමි ළමයෙකු විදුලි සැර වැදී මියගොස් බවටත් වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඉස්තාන්බුල් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කළ බවට බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

මිලීමීටර 193.84ක වැඩිම වර්ෂාපතනය බෙයිකොස් ඔමර්ලි (Beykoz Ömerli) ප්‍රදේශයෙන් වාර්තා වන අතර අර්නවුට්කොයි හි මිලීමීටර 125.9 ක් සහ සාරියර් İTÜ මස්ලැක් (Sarıyer İTÜ Maslak) හි මිලීමීටර 124.72 ක වර්ෂාපතනයක් සටහන් ව තිබේ.

 ගුවන්තොටුපළ ධාවන පථ විවෘතව පවතින අතර කිසිදු ගුවන් ගමනක් අවලංගු කර නොමැති බවත් ආණ්ඩුකාර කාර්යාලය වැඩිදුරටත් වාර්තා කළේ හදිසි තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා කණ්ඩායම් සූදානමින් සිටින බවද සඳහන් ය.

වර්ෂාව නිසා බොහෝ ප්‍රදේශ යටවීමෙන් ප්‍රවාහන සේවාවන්ට බාධා එල්ල වි ඇති නගර මධ්‍යයේ ගලා ගිය අධික ජල පහර හමුවේ ගසා ගෙන ගිය කාන්තාවක් බේරා ගැනික්මට තරුණයක් පිසිසක් මැදිහත් වන අයුරු දැක් වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය හරහා මේ වන විටත් සංසරණය වෙමින් පවතී.

තද වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන්, කගිතානේ නගර සභාව පිහිටි චතුරශ්‍රයද ජලයෙන් යට වූ බවට වාර්තා වේ.

අර්නවුට්කොයි හි බොගාස්කොයි (Boğazköy) ප්‍රදේශයේ අලිබේ ගංගාවේ ජල මට්ටම ඉහළ ගොස් ඇත. ගංගාව පාලමෙන් පිටාර ගැලීමත් සමඟ ආසන්නයේ පිහිටි පාසලක භූමියටද ජලය ගලා ඒමක් සිදුව තිබේ.

මෙම තද වර්ෂාපතනය ඉස්තාන්බුල් හි මාර්ග ගමනාගමනයට ද දැඩිව බලපෑමක් එල්ල කළ තත්ත්වයක, ඉස්තාන්බුල් මහනගර සභාවේ මාර්ග තදබද දත්ත සිතියමට අනුව නගරය පුරා මාර්ග තදබදය සියයට 89 ක් ලෙස සටහන් ව ඇති බවට වාර්තා වේ.

ඉස්තාන්බුල්හි ආණ්ඩුකාර දාවුට් ගුල් (Davut Gül) මහජනතාවගෙන් ඉල්ලා සිටියේ අත්‍යවශ්‍ය කරුණකට හැර නිවෙස්වලින් පිටතට යාමෙන් වළකින ලෙසත් පළාත පුරා පිහිටි සියලුම රජයේ සහ පෞද්ගලික අධ්‍යාපන ආයතනවල 'සෘජු අධ්‍යයන කටයුතු' (face-to-face education) දිනකට අත්හිටුවන බවත් නිවේදනය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතරව, නැවත දැනුම් දෙන තුරු යතුරුපැදි සහ ඊට සමාන සියලුම රථ මාර්ගවල ධාවනය කිරීම තහනම් කර ඇති බව ද ප්‍රකාශ කර ඇති බවට වැඩිදුරටත් සඳහන් කරයි.