.webp)

දිවයිනේ බොහෝ ප්රදේශවල අද(20) පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
උතුරු, උතුරු මැද, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ දැක්වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇති වන තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවවට දැනුම් දෙයි.
මේ අතර දිස්ත්රික්ක 5කට නිකුත් කළ නායයෑමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරවත් ක්රියාත්මකයි.
කෑගල්ල , රත්නපුර , බදුල්ල , මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත් වේ.
මේ අතර කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළේ ය.
එහි දැක්වෙන්නේ පුත්තලම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට දක්වා මුහුදු ප්රදේශ තරමක් රළු විය හැකියි.
එවිට එම මුහුදු ප්රදේශවල පැයට කිලෝමීටර් 60 -70 දක්වා තද සුළං ඇති විය හැකියි.
ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්නැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ධිවර සහ නාවුක ප්රජාවට දැනුම් දෙයි.
