.webp)

එහි ප්රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර පැවසුවේ, නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්රයක් අනිද්දා(18) වන විට පද්ධතියට එක්කර ගැනීමට අපෙක්ෂිත බවයි.
ඒ අනුව ඊයේ(19) අද සහ හෙටත් දිවයින පුරා පැයක කාලයක් කලාප හතරක් යටතේ විදුලිය කළමණාකරණය කරන බව සඳහන් වේ.
නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්ර තුනෙහි ඇති වූ බිදවැටීමක් හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වූ මෙගාවොට් ප්රමාණය මෙගාවොට් 810කි.
ඒ අනුව ජාතික පද්ධතියට මෙගාවොට් ප්රමාණය සපුරාලීමට සහ පද්ධතියේ සමතුලිතතාව ආරක්ෂා කර ගැනීමට විදුලි කළමණාකරණයට පියවර ගත් බව සඳහන් වේ.
විදුලිය කළමණාකරණය කරන වේලාවන් සහ කලාප පිළිබඳ වැඩිදුර තොරතුරු https://news1st.lk/4i7q5tU පිවිස ලබා ගත හැකියි.
පසුගිය සෙනසුරාදා විදුලිය බිඳවැටීමට හේතුව පිළිබඳව ජාතික පද්ධති ක්රියාකරු සමාගමේ ප්රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර පැහදිලි කළේ ය.
